දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Monday, July 16, 2012

10. ලේනා

1. ඌ හරිම අහිංසකයි.
2. ලේනාගේ විශේෂ ආහාරය පලතුරුයි.
3. උගේ ඇඟේ කළු පාට ඉරි තුනක් තබේ.
4. ලේනා ගසින් ගසට පැන පැන යනවා.
5. ඌ ගස් උඩ සහ ගෙවල්වල වහලෙ උඩ කූඩු ඹඳින සතෙකි.

                                                - නයනදී


ප.ලි. : 3 වන වැකියේ ඉරි කළු පාටයි කියලා ලියලා.. තිබේ වෙනුවට තබේ ලියලා... ඉස්පිල්ල නැ.. හැබැයි ටීචර් දැකලත් නෑ.. :) අන්තිම වැකියේ කෙල්ලට බ යන්න පැටලිලා.. බදින එකට ඹඳින දාලා... 

12 comments:

  1. අද නං ඇති වුනේ ලොකු ගැටළුවකි.
    ඇත්තට ලේනාගේ ඉරි කළු පාටද සුදු පාටද නැත්තං කළු පාටයි සුදු පාටයි ඉරි හයක් තියෙයිද?

    තුන් ඉරි අප්පු සය ඉරි අප්පු වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මේ පේන ලේනාගෙනම් ඉරි 2ක් සුදු පාටයි.. මැද ඉර ක්‍රීම් වගේ පාටක් නේ.. ඇත්තම කීවොත් නිතර දෙවේලේ දැක්කත් හොඳට බලලා නෑනෙ..

      හයක් ගැනනම් මම අහල නෑ නංගි..

      Delete
  2. ලේනා ගසින් ගසට පැන පැන යනවා. මේක ලියලා තියෙන්නේ කතා කරන භාෂාවෙනි. එයද නිවැරදි විය යුතුය

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මනෝජ්.. තාම 2 වසරේ.. ලබන අවුරුද්දෙ විතර කියල දෙයි නේද ලියන භාෂාව.. ස්තූතියි ඔයාට.. :)

      Delete
  3. ලේනෙක් මෙහෙමවත් දැක්කෙ ගොඩ කාලෙකින් අක්කෙ.

    ReplyDelete
    Replies
    1. හි හි... අනේ විමුක්ති.. අපි නම් ඉතින් උදේ හවා දකිනවා.. ආ දවල්ටත් ඔෆිසියෙ ජනේලෙන් එහා පැත්තේ ඉඩමේ කෝලම් කරනවා ලේන්නු, කපුටො, කොහා ජෝඩුවක් වගේ කීප දෙනෙක්...

      Delete
  4. ෂෝයි අනේ..:)

    ReplyDelete
  5. මටත් පුරස්නේ ආවේ අපිත් අහලා තියෙන්නේ ලෙනට සුදු ඉරි (මැද එක ක්‍රීම් පාට උනාට) 3ක් තියේ කියලනේ....... මං හිතුවා ඒක හයිලයිට් කරලා ඇති කියලා. මොකද ඔය කළු ඉරි 3ක් තියනවා කියන එක බොරුවක් කියන්න විදියක් නැහැනේ......

    ReplyDelete
    Replies
    1. කළු ඉරි 4ක් වෙනවනේ පැටික්කියේ...

      Delete
    2. ඒකත් හැබෑව හෙනන් බබාගේ වාක්කේ වැරදි......
      එතකොට රන්දි අක්කට සත් ඉරි අප්පො වෙනවා.......

      Delete