දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Wednesday, June 27, 2012

4. උදෑසන


උදේට කුකුළා හඬලනවා 
උදේට කුරුල්ලන් කෑම සොයා යයි.
උදේට අම්මලා තාත්තලා වැඩට යනවා.
උදෙන්න මම පාසැල් යනවා.
උදේට අහසේ ඉර පායනවා.
                                                                   - නයනදී


ප.ලි. : පළවෙනි වැකියේ අගට තිතක් තිබ්බේ නෑ..හතරවෙනි පේළියේ උදෙන්ම වෙනුවට උදෙන්න ලියවිලා තිබ්බා... :)








අවදිවන්න අවදිවන්න කුකුළා හඬ නගයි
හිනහවෙවී හිනහවෙවී හිරු කුමරා එබෙයි
පාට පාට මල් පොහොට්ටු ලස්සනට පිපෙයි
හිමිදිරියේ සුන්දර බව දැන් දැන් පෙනෙයි
                                                                                        - සචින්තා


ප.ලි. : කුකුළාගේ ඇළපිල්ලත් හිරු කුමරා ගෙ ඇළපිල්ලත් අයින් කළොත් හොඳයි කියලා හිතුනා... නැත්නම් හිරු කුමරු දැම්මත් කමක් නැ.. ඒත් කිව්වෙ නම් නෑ තාම.. :)

5 comments:

  1. උදේට කුකුල්ලු හඬලනවා කියලා අහලා තියෙන නිසා ලියනවා මිසක් ඇත්තටම අත්දැකලා නැතුව ඇති මේගොල්ලෝ... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Beetle... ඉන්නවා ඉන්නවා.. අපේ ගෙට පහළ ගෙදර ඉන්නවා... ඉහළ ගෙදර හිටියා.. අදත් හැඬලුවා පාන්දර 4.20ට... මේකිනම් අහල තියෙන ඒවටත් වැඩිය දැක්ක ඒවා අප්පා ලියන්නේ.. දිගටම හිටියොත් ඔයාට තේරේවි.. හිනා කාලා පණ යන රචනා තියේ.. එයාම කියනවා ටීචර් කට අල්ලගෙන හිනාවෙලා තරුවක් දුන්නා අම්මේ කියලා.. හෙ හෙ

      Delete
    2. පණ ගියත් කමක් නෑ හිනා කාලා නේ :D දිගටම ඉන්නවා...

      Delete
  2. අපිහිතින්යන අපේපුංචිකාලෙටවඩා දැන්ඉන්නපොඩිඅයගෙ ලෝකෙසංකීර්ණයි.නමුත් අක්කගේදූ තාමවාසනාවන්තයි..

    ReplyDelete
  3. අන්න හරි එහෙම රචනාත් දාමු අක්කේ....

    ReplyDelete