දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Monday, June 25, 2012

1. අම්මා

රෑ අහසේ තරු අතරේ
සඳ වටකර තරු ඇත්තේ
මගෙ අම්මෙ නෑ ඒවා
ඔබ තරම්ම දිදුලන්නේ


අහසේ තරු කැට ගැන්නත්
පොළොවේ මිණි කැට ගැන්නත්
නුඹෙ ආදරෙ ගනින්න බෑ
මගෙ සුදු අම්මේ


ප.ලි. මේ කවි පන්තියේ පළවෙනි කවිය නංගි ලියාගෙන එයාගෙ පොතක.. නංගි එයාගෙ කවිය හොරකම් කළා කියල තරහ ඇවිත් හරි වැඩේ.. ඉතින් පුතේ ඔයාටනේ ආඩම්බර ඔයා ලියපු කවිය තව කෙනෙක් පාඩම් කරද්දි, බලන්නකෝ ඉතින් අපි දන්න කවි ඔක්කොම අපි ලියපුවද? කියලා පුංචි දහම් ගැටයක් දාලා යන්තම් ඔරොප්පුව අයින් කර ගත්තා...

9 comments:

  1. නංගි කොපි කරගත්ත එක අහන්නත් දෙයක්ද නේද? ඒක ඒ තරම්ම ලස්සනයි නේ......... :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ නංගා... හයියෝ කඳුළුත් එන්න ඇඬුවා.. :)

      Delete
  2. කවි දෙකම ඇත්තෙන්ම ලස්සනයි . . .

    ReplyDelete
    Replies
    1. මුල් එකේ මුල් පේළි දෙකේ නම් පොඩි වැරුද්දක්ද මන්දා පේනවා..

      Delete
    2. නෑ මට නම් එහෙම එකක් පෙන්නේ නෑ

      Delete
  3. ලස්සන කවියක් අක්කේ.ලොකු වෙනකොට හොදට කවි ලියන්න පුලුවන් වේවි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් නෙමේ.. නොවුනොත් වැඩක් නැ.. හැබැයි අහන්න එපා ඒ ඇයි කියලා.. ඒවා රහස්... :)

      Delete
  4. නියමයි... ලස්සනයි... :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජතුමා ඇවිත් සම්පත් බෙදන්න... සන්තෝසෙ බැරුවා... :)

      Delete