තාත්තාගේ මූණ කළුපාටයි.
තාත්තා මම බයිසිකලයක් අරං දුන්නා.
තාත්තා වැඩට ගිහින් එනවිට මට ටොෆි ගේනවා.
තාත්තා අද අක්කා එක්ක ට්‍රිප් එකක් ගියා.
ප.ලි. : තුන්වෙනි වාක්‍යයේ මට වෙනුවට මම ලියලා තිබ්බා.. ඒ වගේම ටොෆි හා ට්‍රිප් ඒ විදියටම හරියට ලියලා තිබ්බා... :)
කෑම බීම හා ඇඳුම ද මා වෙත දුන් පියා
ලෙඩකදි දුකකදි මගෙ තනි රැකුමට සිටි පියා
අපේ නිවසේ අයද මම ද රැක බලාගත් පියා
මට සුරුවිරුවෙක්ය අනේ මගේ ම සුදු පියා
ප.ලි. : මේකෙත් තුන්වන පේළිය ටිකක් ටිකක් මොකක්ද වගේ.. :)
ප. ප. ලි. : ඉන්න බෑ අප්පා.. ඔක්කොම ටික ලියල දාන්න හිතෙනවා...
ඒ ගොල්ල ලියපුවා තනෝජා අක්කද මේකට ලියන්නෙ.....!
ReplyDeleteඔව් බුද්ධි.. දැනට මට ගෙදරට ජාල සම්බන්ධතා නැහැනෙ අනේ... එයාලටම ලියන්න දුන්නනම් අගේ තමා... :(
Deleteආ... කමක් නෑ... පලි කොටස හින්දයි මම ඇහැව්වෙ.. පලි කොටස හින්දා යි මේ ලිපිය රසවත් වෙන්නෙ... එයාලා ලියපුවා ඒ විදිහටම දාලා පස්සෙ පලියෙන් හදන එක තමයි වඩා හොඳ....
ReplyDeleteඔව් බුද්ධි.. එහෙම තමා හිතා ඉන්නෙ.. ස්තූතියි
Delete//ප. ප. ලි. : ඉන්න බෑ අප්පා.. ඔක්කොම ටික ලියල දාන්න හිතෙනවා...//
ReplyDeleteලියලා දාන්න ඔන්න ඔහෙ... :-)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
කොහෙද මේ රන්දිල් ගෙන් බේරෙන්න බෑ.. ඉවසන්නළුනෙ රජතුමෝ..
Deleteතාත්තාගේ මූණ කළුපාටයි.
ReplyDeleteතාත්තා මම බයිසිකලයක් අරං දුන්නා.
අපිත් ලිව්වනේ ඉතිං ඕම...
ජයවේවා!!!!!
සුන්දර අතීතය මතක් උනා නම් සතුටුයි මට... ඔයාවනම් අදමයි දැක්කේ... ස්තූතියි මේ පැත්තෙ ආවට...
Delete,මට සුරුවිරුවෙක්ය අනේ මගේ ම සුදු පියා,අපිකාටත් පොදුයිනෙ ඒක...
ReplyDeleteඔව් ඔව්.. ඒක ඇත්ත.. ස්තූතියි ගෙඩවුනාට විමුක්ති...
Delete