දෙනයන
ටිෂානි සචින්තා ගමලත් අෂානි නයනදී ගමලත්
1. අම්මා
අම්මාට මම හරිම ආදරෙයි.
අම්මාට මම කතා කර විට අම්මා ඇවිල්ලා මා එක්ක සෙල්ලම් කරයි.
අම්මා වැඩට ගිහින් එන විට මම බලාගෙන සිටිමි.
අම්මා ඉස්සර මට ගොඩාක් ආදරෙයි. දැනුත් ආදරෙයි.
අම්මයි තාත්තයි තාමත් යාළුවෝ වාගේ.
අම්මා උදෑසනම නැගිටලා බත් උයා මාව පාසල් යවයි.
අම්මා ඉස්සර මට ගොඩාක් ආදරෙයි. දැනුත් ආදරෙයි.
ReplyDeleteහැමදාමත් ආදරේ වේවි........
අම්මයි තාත්තයි තාමත් යාළුවෝ වාගේ.
හැමදාමත් යාළුවෝ වේවි..........
අම්මටයි දූලාටයි මගේ සුභ පැතුම්
ස්තූතියි.. ඒත් මම මේවට මමම වෙලා උත්තර ලියන්නද? එයාලා වෙලා උත්තර ලියන්නද? හෙ හෙ..
Deleteහැම උදව්වටම ස්තූතියි නංගි..
අම්මා ඉස්සර මට ගොඩාක් ආදරෙයි. දැනුත් ආදරෙයි.
ReplyDeleteඔයාට මතකද කවිකාරියේ.. මම බුකියෙත් දැම්මා දවසක්.. ඔයා එදි ඇහුවා ඒ කියන්නෙ දැන් වෙනස්ද කියලා.. අනේ මන්දා.. එයාට දැනෙනවා ඇති වැඩ වැඩි වෙද්දි අම්මගෙන අතපසුවීම් වෙනවා කියලා... :)
Deleteඔන්න පළමුවැනි සුභපැතුම මගෙන්.
ReplyDeleteමගේ වරදින්නෙ රාජ්ට මෙහෙම උනේ.. කලින් ආපු කමෙන්ට්ස මම පබ්ලිෂු කරන්න දැක්කේ නෑ.. ඒවා ස්පෑම් වෙලා තිබ්බේ.. දැන් තමා දැක්කේ.. සමාවෙන්න.. කමක් නෑ කොයි වෙලාවෙ සුභ පැත්වත් ඒක වටිනවා.. හිනා යන රචනා ගොඩයි අප්පා.. එකපාර ලිව්වම අගේ නෑනෙ.. එක එක දෙන්නම්.. :)
Deleteමම වැරදි කලාම අම්මා මට ගුටි දෙයි වගේ වාක්‍ය නැද්ද?
ReplyDeleteසුභ පැතුම් . . !
අඩේ ඇත්තටම දුකා.. මට මතක් උනා මම බුකියෙ දාපු එක වාක්‍යයක් මේකෙ නෑනෙ කියලා... මේ පොත ගෙදරදි ලිව්ව එක.. අක්කගෙ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා තාත්තත් ගියා.. මම වැඩට ආවා.. මෙයාගෙ ටීචර් එන්නෙ නෑ කියලා.. ඉතින් මෙයාට නිවාඩු.. ආච්චියි, සීයයි දවල්ට නිදියනවා සමහර වෙලාවට.. මේකිට පාළුයි එතකොට.. දවල්ට නිදියන්න කැමති නෑ මේ පණ්ඩිත එකී.. ඉතින් මම පිටවෙන්න කලින් කීවා අම්ම ගැන තාත්ත ගැන, ආච්චි..... ලියන්න කියලා... අර වාක්‍යය තිබ්බෙ ඉස්කෝලෙ පොතේ.. ඒක උස්සන්න ඒක ඉවරවෙනකම් ඉන්න ඕනා.. එක්කො ආයෙ නිවාඩුවක් එනකම් ඉන්න ඕනා.. :)
Deleteදරුවන්ට ලියන්න කියවන්න හුරුකරන්න නියම උපක්‍රමය. ජය වේවා!
ReplyDeletehenryblogwalker the Dude
ස්තූතියි Dude.. ඒත් එයාල කලින් ලියල තිබුන ඒවා මේ.. ඉස්සරහට ඒ හුරුකරවීම කරන්න බලාපොරොත්තු වෙනවා..
Delete