දෙනයන
ටිෂානි සචින්තා ගමලත් අෂානි නයනදී ගමලත්
උදේට කුකුළා හඬලනවා
උදේට කුරුල්ලන් කෑම සොයා යයි.
උදේට අම්මලා තාත්තලා වැඩට යනවා.
උදෙන්න මම පාසැල් යනවා.
උදේට අහසේ ඉර පායනවා.
- නයනදී
ප.ලි. : පළවෙනි වැකියේ අගට තිතක් තිබ්බේ නෑ..හතරවෙනි පේළියේ උදෙන්ම වෙනුවට උදෙන්න ලියවිලා තිබ්බා... :)

අවදිවන්න අවදිවන්න කුකුළා හඬ නගයි
හිනහවෙවී හිනහවෙවී හිරු කුමරා එබෙයි
පාට පාට මල් පොහොට්ටු ලස්සනට පිපෙයි
හිමිදිරියේ සුන්දර බව දැන් දැන් පෙනෙයි
- සචින්තා
ප.ලි. : කුකුළාගේ ඇළපිල්ලත් හිරු කුමරා ගෙ ඇළපිල්ලත් අයින් කළොත් හොඳයි කියලා හිතුනා... නැත්නම් හිරු කුමරු දැම්මත් කමක් නැ.. ඒත් කිව්වෙ නම් නෑ තාම.. :)
අක්කාගේ නම ටිෂානි.
ටිෂානි අක්කා හරිම නපුරුයි.
අක්කා 7 ශ්‍රේණියේ.
ටිෂානි අක්කාගේ වයස 12යි.
අක්කාගේ පාසැල අරෙන්නේ සවස 3යි.
ප.ලි. : අක්කගේ වයස අවුරුදු 12යි කියලා ලියවිලා තිබ්බේ නෑ... අනික පාසැල ඇරෙන්නේ ඇලපිල්ල නෑ.. සවස 3ටයි කියන්න ඕනා උනත් ලියලා තිබ්බේ 3යි කියලා. :)
පොඩි බෑගය කරට අරන්
දුව පැන සෙල්ලම් කරමින්
පාසල වෙත විගසින් යන
පුංචි නංගියා........
කිරි දත්ටික පෙන්නාගෙන
කැකුළු සිනා පාදාගෙන
මා වෙත විගසින් දුවඑන
පුංචි නංගියා.....
ප.ලි. : අක්කා ඉස්සෙල්ලම මේ කවිය ලීවේ මල්ලියාට.. මල්ලියා කීවෙ දුෂාන්.. මගෙ නංගියාගෙ පුතා.. ඇයි නංගිට ආදරේ නැද්ද කිව්වම තමා මල්ලියා වචනෙ නංගියා කළේ... මේ පොතේ මුල් කවියෙ මල් කියලා ලියලා ඒක උඩ තමා නංගියා ලියල තියෙන්නේ.. කවි දෙකේ එයා දාල තිබ්බ ගානටම ඩොට් දැම්මා... :)
තාත්තාගේ නම ලෙස්ලි.
තාත්තාගේ මූණ කළුපාටයි.
තාත්තා මම බයිසිකලයක් අරං දුන්නා.
තාත්තා වැඩට ගිහින් එනවිට මට ටොෆි ගේනවා.
තාත්තා අද අක්කා එක්ක ට්‍රිප් එකක් ගියා.
ප.ලි. : තුන්වෙනි වාක්‍යයේ මට වෙනුවට මම ලියලා තිබ්බා.. ඒ වගේම ටොෆි හා ට්‍රිප් ඒ විදියටම හරියට ලියලා තිබ්බා... :)
කෑම බීම හා ඇඳුම ද මා වෙත දුන් පියා
ලෙඩකදි දුකකදි මගෙ තනි රැකුමට සිටි පියා
අපේ නිවසේ අයද මම ද රැක බලාගත් පියා
මට සුරුවිරුවෙක්ය අනේ මගේ ම සුදු පියා
ප.ලි. : මේකෙත් තුන්වන පේළිය ටිකක් ටිකක් මොකක්ද වගේ.. :)
ප. ප. ලි. : ඉන්න බෑ අප්පා.. ඔක්කොම ටික ලියල දාන්න හිතෙනවා...
රෑ අහසේ තරු අතරේ
සඳ වටකර තරු ඇත්තේ
මගෙ අම්මෙ නෑ ඒවා
ඔබ තරම්ම දිදුලන්නේ
අහසේ තරු කැට ගැන්නත්
පොළොවේ මිණි කැට ගැන්නත්
නුඹෙ ආදරෙ ගනින්න බෑ
මගෙ සුදු අම්මේ
ප.ලි. මේ කවි පන්තියේ පළවෙනි කවිය නංගි ලියාගෙන එයාගෙ පොතක.. නංගි එයාගෙ කවිය හොරකම් කළා කියල තරහ ඇවිත් හරි වැඩේ.. ඉතින් පුතේ ඔයාටනේ ආඩම්බර ඔයා ලියපු කවිය තව කෙනෙක් පාඩම් කරද්දි, බලන්නකෝ ඉතින් අපි දන්න කවි ඔක්කොම අපි ලියපුවද? කියලා පුංචි දහම් ගැටයක් දාලා යන්තම් ඔරොප්පුව අයින් කර ගත්තා...
අම්මාට මම හරිම ආදරෙයි.
අම්මාට මම කතා කර විට අම්මා ඇවිල්ලා මා එක්ක සෙල්ලම් කරයි.
අම්මා වැඩට ගිහින් එන විට මම බලාගෙන සිටිමි.
අම්මා ඉස්සර මට ගොඩාක් ආදරෙයි. දැනුත් ආදරෙයි.
අම්මයි තාත්තයි තාමත් යාළුවෝ වාගේ.
අම්මා උදෑසනම නැගිටලා බත් උයා මාව පාසල් යවයි.