දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Monday, October 22, 2012

14. අප ගිය විනෝද චාරිකාව


‘මහියංගණං, නාගදීපං, කල්‍යාණං, පදලාංඡනං.......’ බුදුන් වැඩි ස්ථානයන්ගෙන් කිහිප ස්ථානයක් මේවා වෙයි. මෙයින් ප්‍රථමයෙන් බුදුරදුන් වැඩි ස්ථානය වන මහියංගනය වැද පුදා ගැනීමට පසුගියදාක අපේ ස.ණ.ස. සමීතියේ නැන්දලා, මාමලා සමඟ අපි චාරිකාවක යෙදුනෙමු.

නිල්වන් අහසේ ගෑවී නොගෑවෙන ලෙස කොළවන් තුරු ගොමු අතරින් ඈත දිදුලන තාරකාවක් සේ දිස් වෙමින් තිබෙන්නේ මහියංගන චෛත්‍ය රාජාණන් වහන්සේ යි. උදේ පාන්දර 4.00ට පමණ පිටත් වූ අපි පැය 6ක කාලයකින් පමණ පසු මහියංගණ වෙහෙරට යාමට හැකි වූ වෙමු. මහියංගණ පන්සල ට යැමට පෙර අප ශ්‍රී ලංකාවට ම එකක් වන දහඅට වංගු පසු කර යෑමට සිදුවිය. උඩ සිය පහත බලනවිට විශාල ප්‍රපාත පෙනෙයි. පහතින් නිල් සාගරයක් සේ පෙනෙන මහවැලි ගං රාජයන් උජාරුවෙන් අපදෙස බලන්නාක් මෙන් දියරැලි නංවයි. පහත බලනවිට සිත බියජනක කරන ලද මෙම පරිසරයේ අපූර්වත ම ජෛව විවධත්වයකින් ද හෙබි මෙම පෙදෙස වනාන්තර දෙකකින් ද සමන්විත වෙයි. දෙපෙසේ මුරකරුවන් මෙන් සිටින පයින්ගස්යාය ද ඉතා අලංකාරයි.

ඉන්පසු අපි මහියංගණය පුද භූමියට පැමිණ එය වන්දනාමාන කොට දිවා ආහාරය ගත්තෙමු. ඉන්පසු අපි දුටුගැමුණු රජු හට දිනකට හත්වරක් බුලත් සැපයූ බුලතා යෝධයාගේ අති දැවැන්ත නිර්මාණයක් වූ ද සොරබොර වැව නැරඹීමට ගියෙමු. බොහෝ වේලා වැව දෙස බලාසිටි මගේ සිතේ එදා සිටි ජාතික වීරයන්ගේ අභිමානයන් අද ජීවත් වී සිටින කාලය කා දමන මිනිසුන් වැනි නො වූ බුලතා යෝධයාගේ තේජාන්විත භාවයත් මැනවින් විදහා දැක්වෙයි. එදා සිටි බුලතා දිය ගලායන ඇළ පාරක් දැක එය හරහා වේල්ලක් බැඳ එය වැවක් ලෙස සෑදුවේ ය.  ඔහුගේ යෝධ බිරිඳද තම සැමියාට උදව්වක් පිණිස විශාල ගල් පඩිපෙළක් තැනුවේ ය. මෙවන් අපූර්ව වූ සොරබොර වැව් රාජයන් ගෙන් අපි බලාපොරොත්තු වන්නේ තවත් අවුරුදු දස දහස් ගණනක් වැජඹෙමින් කෙත් වතු සරුසාර කරමින් එදා සිටි ජාතික විරුවන්ගේ තේජාන්විත භාවය තවදුරටත් රකිමින් මේ පුංචි ලක්බිමේ ජීවත් වෙන ලෙසට වෙමු. අපි මෙම ස්ථානයෙන් නැවතත් ගමන ආරම්භ ‍කළෙමු.

‘පොච්ච නමකින් පොච්ච තැවුවත් ගම් පොජ්ජෙන් මං ගච්චනවා කොදොයි’ ඒ එදා සිටි වැදි විරුවන්ගේ කියමනක් වෙයි. අපේ රට පළමුවන රජතුමා වන විජය රජුගේ සහ එදා කපු කටිමින් සිටි කුවේණිය ගේ පුතු සහ දුවණියගෙන් පැවත එන්නා යැයි කියන වැදි පරපුර අප පැරැන්නගේ අභිමානය කියාපාන තවත් අංගයකි. දුනු ඊතල යනු පෙර කළ සිට ම පැවත ආයුධ දෙකයි. සත්ව දඩයමින් ජීවත්වන වැදි ජනයා සරල ජීවිතයක් ගෙවයි. ඈත අතිතය සිට ම පැවත එන මෙම පැදි ජාතිය සැමදා පැවතේවා යි අපි පාර්ථනා කරමු.

මෙතරම් සුන්දර වූත් අලංකාර වූත් ඉතිහාස කථා බොහෝමයකින් පැවත එන මෙම මහියංගන රාජධානිය හා ඒ අවට ස්ථාන තව ඉදිරියටත් වැජඹේවා යි මම ප්‍රාර්ථනා කරමි.


                                                - සචින්තා


5 comments:

  1. Excellent! Wonderful work Thanoja, you must be very proud of her. - Vishaka

    ReplyDelete
    Replies
    1. Thank you very much Madam!!
      "ඒත් මැඩම් ‍අදහස් ටිකනෙ හොඳ... උක්ත ආඛ්‍යාත වැරදි වගේම මගෙත් තියෙන ලිව්ව තිව්ව න්‍යාය නිසා ආයෙ ‍බලල නැ.. උක්ත දෙකක් තියෙන තැනුත් තියෙනවා... ඒව ගැන මම කියල දෙන්න ගියෙ නැ තාම... බලමු.. අදහස් හොඳයි කියල මම පිළිගන්නවා මැඩම්!"

      Delete
  2. අද නම් ටිකක් බැරෑරුම් වගේ.. කොහොම උනත් හොඳට ලියන්නකෝ ඔහොම..හොඳ දක්ෂයෙක් වෙයි කවදාහරි :) :) දැනටමත් දක්ෂයිනේ ඉතින් :) :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිමාවි.. දැනටනම් සති තුනකින් විතර ලීවෙ නැ.. කවදා දකුණූ අතින් ලියන්න පුළුවන් වේවිද දන්නෙ නෑ... :(

      Delete
    2. හිරුහිමාවි ට පැටලිලා වගේ.. ඒක මටත් තේරුනේ අවුරුදු 2කටත් ලංවෙද්දි... මේ මගෙ ලොක්කි හිරුහිමාවි.. වෙනදට කවි ලිව්වෙ මෙයා...

      Delete