“මේ ඉස්කෝලෙ දි හොඳින් ඉගෙනගෙන රටට වැඩක් ඇති හොඳ
දරුවෙක් වෙන්නම්” පුංචි මල් කැකුළු මෙන් ආකාසේ පායා දිලිහි දිලිහි බැබළෙන තරු මෙන්
ලොව බඹලන්නට වෙර දරනා පුංචි මගේ ලොකු ම බලාපොරොත්තුව විශ්වයේ ආකාසේ තිබෙන අපූර්වත
ම දේවල් සොයා ගැනීමටයි.
එදා නීල් විරුව හඳට පාතබා හඳ මත තිබුණ විවිධ දේවල්
පෘථිවියට රැගෙන පැමිණියේය. එමෙන් ම මට ද විවිධ ග්‍රහලෝක වෙතට පාතබා ඒවාගේ සිටින
පිටසක්වල ජීවීන් සමඟ කථා කිරීමට මම ද කැමති වෙමි. කවර දාක හෝ විභාග ඉහළින් ම සමත් වී විද්‍යාඥයකු වී අර රෑට බබළන
තරු මෙන් බොහෝ ඇත සැඟ වි තිබෙන තාරකාවක් ද සොයාගෙන එම තාරකාවට මගේ නම යොදා ලොව
සුපතල විදයාඥයෙක් වීම මගේ එක ම බලාපොරොත්තු ව වෙයි.
එමෙන් ම පුංචි කළ සිට මා හදා වඩා ගෙන පෝෂණය කර මා මේ
තත්වයට පත්කළ මගේ ආදරණීය අම්මටයි තාත්තටයි දුකක් නොදී මම හොඳට රැක බලා ගැනීම ද මගේ
බලාපොරොත්තු වක්ය. අහස් ගැබේ රෑ අහසේ දිලිහෙන ග්‍රහලෝක, වල්ගා තරු තාරකා. වාමන ග්‍රහයින්,
මිනිස් නිශ්පාදන වුව ද චන්ද්‍රිකා අහස ආලෝකමත් කිරීමට බෙහෙවින් උපකාර වෙයි. ඒ වගේම
වෙන මිනිසුන් ලෙඩ සෑදුණු මිනිසුන්ට පිහිටවීම පිණිස වෛද්‍යවරු වීමට වෙර දරයි. තවත්
සමහරු දැයේ දරුවන්ගේ නැනැස් පෑදීමට වෙර දරයි. තවත් සමහරු විශාල වශයෙන් මුදල්
උපයාගැනීමට උත්සාහ කරයි. එහෙත් කුඩා පිරිසක් පමණක් ලොව මිනිසුන් නොදත්, සොයා නොගත්
ග්‍රහලෝක වාමන තරු සොයමින් ඒ වාගේ ගමන් විලාශ නරඹමින් විනෝදයෙන් මෙන් ම විවේකයෙන්
කාලය ගෙවීමට මම ද කැමතියි. බොහෝ වෙහෙස මහන්සි වී මුදල් උපයාගෙන ගේ දොර ඉඩම් කඩම්
පොදි බැඳ ගැනීමට වඩා අභ්‍යවකාශ ගවේශන වැඩ වල නියැලී නිදහසේ සිටීමට මම බොහෝ සේ
කැමතියි.
මම අනාගතයේ දී තරුවක් සොයාගෙන එයට “Tishani2000”
යන නාමය යොදනවා. මෙවන් වැදගත් කාර්යයක් මතුදාක සඵල කිරීමට මම අද සිට උත්සාහ
දරනවා.
මම කෙදිනක දී හෝ ආකාසේ ලස්සන සළු ඇඳි සුරඟනු, පියඹන
පීරිසියේ මෙහි ආපු පිටසක්වලයින් සොයා ගෙන කිසි දා නොමැරෙන නාමයක් සනිටුහන් කරමි.
- සචින්තා
නුඹේ පැතුම් ඉටු වේවා!!! :)
ReplyDeleteස්තූතියි නංගි...
Deleteදුවගේ අදහස් සාර්ථක කරගැනීමට ධෛර්ය ශක්තිය ලැබේවා!!!
ReplyDeleteස්තූතියි තිසර...
Deleteපුංචි කාලෙ ඉඳන් ජීවිතේට යම් ඉලක්කයක් තිබුනොත් අනිවා ඒක ළඟා කරගන්න පුළුවන්. ජීවිතේ මඟකදි මේ ඉලක්ක වෙනස් වෙන්න නොදී තියොගන්න. කවදා හරි දවසක දුව මේ ඉලක්කෙට ළඟා වෙලා තියෙනවා දකින්න ආසයි. දුවට සුභපැතුම්!
ReplyDeleteස්තුතියි පුතා...
Deleteමගෙ මුළු හදවතින්ම ඔයාට සුභ පතනවා ආදරණිය නංගියෝ..
ReplyDeleteබුදු සරණයි!
ස්තූතියි හිමාවි... ඔයාගෙ සුභ පැතුම් මම අරන් එයාගෙ මාවත හදන්නම්..
Deleteගොඩාක් සතුටුයි... මම මේ ලස්සන රචනාව (නම ගම ඇතුව ) පන්තියෙ බෙදා ගත්තට කමක් නෑද???
ReplyDeleteඅයියෝ මොකට අහනවද නංගි... මට සතුටුයි...
Deleteකලින් දවසක මාතෘකා තුනක් දුන්නා.. සමහර ළමයි වෙන අයට කියලා කොළවල ලියාගෙන පාඩම් කරලා ලියල තිබ්බා.. ඒත් මෙයාට එහෙම කරන්න තියා මගෙන් අහගන්න වත් මට කියල දෙන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.. දුන්න පැය ඇතුළෙ ලියල ඉවර කළා.. මට ඒකට ගොඩක් ආඩම්බරයි... ඒත් ඒක එයාට නොපෙන්නා ඉන්න උපරිම උත්සාහ දරනවා..
නම ගම ඇතත් නැතත් තව කෙනෙක්ට සෙතක්වෙන දෙයක්නම් දරුවො දෙන්නෙක්ගෙ අම්මෙක් හැටියට මම මොකට අමනාප වෙන්නද?
හැබැයි නංගි මේකෙ උක්ත ආඛ්‍යාත වැරදි තියෙනවා හොඳේ...
Deleteමේක ලස්සනයි....
ReplyDeleteමේ පොඩි කාලෙට ආයේ යන්න තියේනං....
ස්තූතියි රනා.. ඒත් ඉතින් එහෙම යන්න බෑනෙ... කරන්න පුළුවන් එකම දේ දරුවන් තුළින් ඒ කාලෙට යෑම තමයි.. මොකද කියන්නේ.. එහෙමනම් දැන් වයස හරි ... ;)
Deleteඉලක්කයක් ඇතිනම් එතනට යන්න බැරි වෙන එකක් නෑ. ඒ වගේම හොඳ උත්සාහයක් හා කැපකිරීමක් තියෙන්නම ඕනි. මගෙන් සුභ පැතුම්
ReplyDeleteඅපි බලමු මල්ලි.. ලොකූ ඉලක්කයක් තිබිල පඩියක් දෙකක් පහළ නැවතුනත් මොකද? පොඩි ඉලක්කයක් තියන් පඩි පාමුල ඉන්නවට වඩා නේ? ස්තූතියි සුභපැතුමට!!
Deleteහද වතින් ම සුබ පැතුම් දුෙව්
ReplyDeleteර්
ස්තූතියි වැප්!!!
Delete"මගෙ බලු පැටියයි හඳයයි කිටියයි
ReplyDeleteබලාගන්න අක්කේ මං එනතුරු
ඔබ.. - හැම... - දෙන... - හට...
ඔබ හැමදෙන හට තෙරුවන් සරණයි
මීට ඔබේ නංගී...
රෝ-ෂිණි.."
රෝ-ෂි-නී නෙමේ ටි-ෂා-නී....
Deleteහෙ හෙ
මේ රචනාව ලීව අතින් දැන් සුමාන තුනකුත් දවස් 4කින් වැඩක් කළේ නෑ... :(
ReplyDelete