දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Friday, October 5, 2012

12. මගේ ගුරුතුමා/ගුරුතුමී

1. මගේ ගුරුතුමීගේ නම සෙනෙහෙලතාය.
2. ඇය අපට ගැහුවාට බැන්නාට හරිම කරුණාවන්තයි.
3. මගේ ගුරුතුමීට කවි හා නැටුම් හොඳට හුරුයි.
4. එයාගේ අම්මා ඇයට කියාදුන් කථා ඇය අපට කියාදෙනවා.
5. ගුරුතුමී හැමදාම ලස්සන ලස්සන සාරි ඇදන් එනවා.
6. මගේ ගුරුතුමීට බුදුසරණයි.
                                                                 - නයනදී

ප.ලි. 3 පේළියෙන් අදහස් කරන්නේ කවි කියන්න හා නටන්න ගුරුතුමීට හොඳට පුළුවන් කියලා වෙන්නැති.


අකුරු සතර ආදරයෙන් මා වෙත දුන්නා
මගේ කුසලතා ආකල්ප ද දියුණුම කෙරුවා
දුවේ පුතේ කියා මා වෙත සෙනෙහස පිදුවා
සැමදා වඳිමි ඔබේ පා යුග මගේ ගුරුතුමා

                                                                                          - සචින්තා

ප.ලි. අන්තිම පේළියේ දීර්ඝ ඉස්පිල්ල නොතිබුනානම් හරි..

ප.ප.ලි. අද ලෝක ගුරු දිනයළු... මේ දක්වා මා දියණියන් දෙදෙනාට අකුරු කරවූ සියළු ගුරුතුමන්ලාට තවත් චිරාත් කාලයක් දහස් සංඛ්‍යාත දූ දරුවන් පිරිසකගේ නැණ නුවණ දියුණු කිරීමට හැකිවේවා! යි පතමි.

Thursday, August 23, 2012

11. මදුරුවා

1. ඌ අපේ කන ළඟට ඇවිල්ලා කුණු කුණු ගානවා.
2. මදුරුවා අපේ ලේ බොන්න හරි ආසයි.
3. ඌ ළමයින්ට ලෙඩ බෝ කරනවා.
4. මදුරුවා සවසට ගීත ගයනවා.
5. ඌ සිටින්නේ රංචු වෂයෙන්

                                              - නයනදී






ප.ලි. ඌ ලොකු අයට ලෙඩ බෝ කරන්නෙ නෑ වගේ... :)  උදේට ගීත ගයන්නෙත් නැද්ද කොහේද? හි හි 

5වන වාක්‍යයේ වශයෙන් වෙනුවට වෂයෙන් ලියලා... ඒක ටීචර් හදලා තිබ්බා... ඒක නිසා තරුවක් නෑ... :(

Monday, July 16, 2012

10. ලේනා

1. ඌ හරිම අහිංසකයි.
2. ලේනාගේ විශේෂ ආහාරය පලතුරුයි.
3. උගේ ඇඟේ කළු පාට ඉරි තුනක් තබේ.
4. ලේනා ගසින් ගසට පැන පැන යනවා.
5. ඌ ගස් උඩ සහ ගෙවල්වල වහලෙ උඩ කූඩු ඹඳින සතෙකි.

                                                - නයනදී


ප.ලි. : 3 වන වැකියේ ඉරි කළු පාටයි කියලා ලියලා.. තිබේ වෙනුවට තබේ ලියලා... ඉස්පිල්ල නැ.. හැබැයි ටීචර් දැකලත් නෑ.. :) අන්තිම වැකියේ කෙල්ලට බ යන්න පැටලිලා.. බදින එකට ඹඳින දාලා... 

Thursday, July 12, 2012

9. මීයා

1. ඌට යකඩ වගේ දත් තිබෙනවා.
2. මීයා ඇලේ චූ දැම්මහම අපි නාන්න ගිහාම අපිට ලෙඩ හැදෙනවා.
3. මීයා ගෙවල්වලට ඇවිල්ලා ගෙදර තියෙන සබන් කාල යනවා.
4. මීයාව පූසා අල්ලගෙන උගේ ආහාරයට ගන්නවා.
5. ඌ කෑ ගසන්නේ චික් චික් කියමින්.


                                                               - නයනදී


ප.ලි. : තරුවක් ලැබිලා තිබ්බා.. අකුරුවල නම් වැරැද්දක් දැක්කෙ නෑ.. කෑ ගහන විදිය තමා වැඩේ.. :)

Monday, July 9, 2012

8. ගෙම්බා

1. ඌ හරිම ජරා සතෙකි.
2. ගෙම්බාගේ සුප් සුද්දෝ තම්බලා බොනවා.
3. ඌ රෑ කාලයට එළියට එන සතෙකි.
4. ගෙම්බාව අපිට පෑගුනාම අපිට පව්සිද්ද වෙනවා.
5. උන් කැළෑවේ ජීවත් වෙනවා.
        
                                                                      - නයනදී


ප.ලි. : තරුවක් ලැබිලා තිබ්බා... 3 වන වැකියට හරියක් නෑ.. වැරැද්දකුත් නෑ.. 4 වැකියේ අපිට කියලා දෙතැනක තිබ්බා.. ඒකෙම “පව් සිද්ධ“ වෙනුවට පව්සිද්ද කියලයි ලියලා තිබුනේ.. ටීචර් වැරදි දාල තිබ්බෙ නම් නෑ හැබැයි...

Wednesday, July 4, 2012

7. පූසා

1. උ ගේ ඇඟේ තිබෙන මවිල් නාසයට ගිහාම ලෙඩ හැදෙනවා.
2. පූසා මාළු කටු හා මීයෝ කන සතෙකි.

3. ඌ කෑගසන්නේ ඤාවු ඤාවු කියමින්.
4. පූසා ගෙවල්වල සුරතලේට ඇති කරන සතෙකි.
5. උන් වර්ග සිටි.
                                                                                          - නයනදී






ඤාව් වෙනුවට ඤාවු ලියලා... සිටි දීර්ඝ ඉස්පිල්ල ලියවිලා නෑ.. :)


අක්කගේ කවි පොතේ මේ සමාන කවියක් හොයාගන්නට නැත. 

Tuesday, July 3, 2012

6. වැස්ස

1. වැස්සට තෙමුනහම අපිට ලෙඩ රෝග හැදෙනවා.
2. වැස්ස වහිනකොඩ විදුලිකොනවා හුලම් හමනවා එතකොට ගස් කඩා වැටෙනවා.
3. වැස්ස වහිනකොට ගංගාවල තිබෙන වතුර බොරවෙනවා.
4. වැස්සට ගෙවල යටවෙනවා.
5. වැස්සට පෙර වැහැලිහියෝ අහසේ පියාඹනවා.


                                                                                        - නයනදී



දෙවන වැකියේ (වහිනකොඩ) ට යන්නට ඩ ලියලා.. ඒකනම් ටීචර් දැකලා තිබ්බෙත් නෑ.. තව (විදුලිකොනවා) ට යන්නක් අඩුවෙලා..  (හුලම්) හුළං වෙන්න එපායැ.. ඒකනම් එක ලකුණක්වත් නැති වැක්‍යයක්.. :)  හතර වෙනි වැකියේ (ගෙවල) හල් කිරීමක් නැ... පස්වෙනි වැකියේදී (වැහැලිහියෝ) ණි යන්න නෑ.. :)






පුන්චි පුන්චි වතුර බින්දු එක් වීලා සඳයි වැස්ස
පුන්චි වුනත් මහ පොළොව ම වෙලා ගන්නවානේ වැස්ස
ගහ කොළට ද පොඩි අපට ද ප්‍රාණය දෙන පුන්චි වැස්ස
ඇතුවත් බැරි නැතුවත් බැරි හැම දෙනටම වැසි දෙව්දුව


                                                                                         - සචින්තා


හැම තැනම පුංචි වෙනුවට පුන්චි කිලා වරද්දලා ලියලා තිබ්බා... :)