දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Monday, July 16, 2012

10. ලේනා

1. ඌ හරිම අහිංසකයි.
2. ලේනාගේ විශේෂ ආහාරය පලතුරුයි.
3. උගේ ඇඟේ කළු පාට ඉරි තුනක් තබේ.
4. ලේනා ගසින් ගසට පැන පැන යනවා.
5. ඌ ගස් උඩ සහ ගෙවල්වල වහලෙ උඩ කූඩු ඹඳින සතෙකි.

                                                - නයනදී


ප.ලි. : 3 වන වැකියේ ඉරි කළු පාටයි කියලා ලියලා.. තිබේ වෙනුවට තබේ ලියලා... ඉස්පිල්ල නැ.. හැබැයි ටීචර් දැකලත් නෑ.. :) අන්තිම වැකියේ කෙල්ලට බ යන්න පැටලිලා.. බදින එකට ඹඳින දාලා... 

Thursday, July 12, 2012

9. මීයා

1. ඌට යකඩ වගේ දත් තිබෙනවා.
2. මීයා ඇලේ චූ දැම්මහම අපි නාන්න ගිහාම අපිට ලෙඩ හැදෙනවා.
3. මීයා ගෙවල්වලට ඇවිල්ලා ගෙදර තියෙන සබන් කාල යනවා.
4. මීයාව පූසා අල්ලගෙන උගේ ආහාරයට ගන්නවා.
5. ඌ කෑ ගසන්නේ චික් චික් කියමින්.


                                                               - නයනදී


ප.ලි. : තරුවක් ලැබිලා තිබ්බා.. අකුරුවල නම් වැරැද්දක් දැක්කෙ නෑ.. කෑ ගහන විදිය තමා වැඩේ.. :)

Monday, July 9, 2012

8. ගෙම්බා

1. ඌ හරිම ජරා සතෙකි.
2. ගෙම්බාගේ සුප් සුද්දෝ තම්බලා බොනවා.
3. ඌ රෑ කාලයට එළියට එන සතෙකි.
4. ගෙම්බාව අපිට පෑගුනාම අපිට පව්සිද්ද වෙනවා.
5. උන් කැළෑවේ ජීවත් වෙනවා.
        
                                                                      - නයනදී


ප.ලි. : තරුවක් ලැබිලා තිබ්බා... 3 වන වැකියට හරියක් නෑ.. වැරැද්දකුත් නෑ.. 4 වැකියේ අපිට කියලා දෙතැනක තිබ්බා.. ඒකෙම “පව් සිද්ධ“ වෙනුවට පව්සිද්ද කියලයි ලියලා තිබුනේ.. ටීචර් වැරදි දාල තිබ්බෙ නම් නෑ හැබැයි...

Wednesday, July 4, 2012

7. පූසා

1. උ ගේ ඇඟේ තිබෙන මවිල් නාසයට ගිහාම ලෙඩ හැදෙනවා.
2. පූසා මාළු කටු හා මීයෝ කන සතෙකි.

3. ඌ කෑගසන්නේ ඤාවු ඤාවු කියමින්.
4. පූසා ගෙවල්වල සුරතලේට ඇති කරන සතෙකි.
5. උන් වර්ග සිටි.
                                                                                          - නයනදී






ඤාව් වෙනුවට ඤාවු ලියලා... සිටි දීර්ඝ ඉස්පිල්ල ලියවිලා නෑ.. :)


අක්කගේ කවි පොතේ මේ සමාන කවියක් හොයාගන්නට නැත. 

Tuesday, July 3, 2012

6. වැස්ස

1. වැස්සට තෙමුනහම අපිට ලෙඩ රෝග හැදෙනවා.
2. වැස්ස වහිනකොඩ විදුලිකොනවා හුලම් හමනවා එතකොට ගස් කඩා වැටෙනවා.
3. වැස්ස වහිනකොට ගංගාවල තිබෙන වතුර බොරවෙනවා.
4. වැස්සට ගෙවල යටවෙනවා.
5. වැස්සට පෙර වැහැලිහියෝ අහසේ පියාඹනවා.


                                                                                        - නයනදී



දෙවන වැකියේ (වහිනකොඩ) ට යන්නට ඩ ලියලා.. ඒකනම් ටීචර් දැකලා තිබ්බෙත් නෑ.. තව (විදුලිකොනවා) ට යන්නක් අඩුවෙලා..  (හුලම්) හුළං වෙන්න එපායැ.. ඒකනම් එක ලකුණක්වත් නැති වැක්‍යයක්.. :)  හතර වෙනි වැකියේ (ගෙවල) හල් කිරීමක් නැ... පස්වෙනි වැකියේදී (වැහැලිහියෝ) ණි යන්න නෑ.. :)






පුන්චි පුන්චි වතුර බින්දු එක් වීලා සඳයි වැස්ස
පුන්චි වුනත් මහ පොළොව ම වෙලා ගන්නවානේ වැස්ස
ගහ කොළට ද පොඩි අපට ද ප්‍රාණය දෙන පුන්චි වැස්ස
ඇතුවත් බැරි නැතුවත් බැරි හැම දෙනටම වැසි දෙව්දුව


                                                                                         - සචින්තා


හැම තැනම පුංචි වෙනුවට පුන්චි කිලා වරද්දලා ලියලා තිබ්බා... :)

Sunday, July 1, 2012

5. සැන්දෑව


සැන්දෑවට ඉර බැස යනවා.
සැන්දෑවට ඉර බැසයනවා එතකොට කුරුල්ලන් කූඩු වලට යයි.
සැන්දෑව සතුන් කෑම සොයා යයි.
සැන්දෑවට ඉර පේන්නේ නැතිව යනවා.
සැන්දෑවට බකමූණෝ කෑගසනවා.


                                                                                          - නයනදී


පළවෙනි වැකියම දෙවෙනි වැකියටත් අරන් තිබ්බා... තුන්වන වැකියේ ට යන්නක් නෑ...  සමහරවිට ඒක ලියන්න ඇත්තේ සර්පයන් ගැන හිතලා වෙන්න ඇති නේද? අපි කියනවානෙ සර්පයින් කෑම හොයාගෙන යන නිසා එළියට යන්න එපා කියලා... ඒකෙන් වෙන්නැති ඒ අදහස ආවේ..  :)


පුංචි පුංචි මල් කැකුළුද පරවීගෙන යයි
හිරු කුමරා අපරදිගට ලන් වී ගෙන යයි
කුරුළු රෑන් රෑන් පෙළට කැදලි කරා යයි
එළිය පලා ගොස් අඳුර ද කෙමෙන් කෙමෙන් එයි


                                                                                        - සචින්තා


මේකෙ අපරදිග නිසා ටිකක් අමුතු ගතියක් දැනෙනවා.. වෙන වචනයක් මටත් එන්නෙ නෑ... :)